කුෂ් සමඟ විදේශිකයෙකු ගුවන්තොටේදී අල්ලයි

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 කට අධික ප්‍රමාණයක් සමග විදෙස් ජාතිකයන් තිදෙනෙකු ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් විසින් අද උදේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒවායේ වටිනාකම රුපියල් කෝටි 12 කට අධිකයි.

අත්අඩංගුවට ගනු ලැබු විදෙස් ජාතිකයින් තිදෙනා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයන් වන බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අතර, එක් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වනවා. ඔවුන් අද අලුයම 12.03 ට පමණ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

ගමන් මළු පරීක්ෂා කිරීමේදි මෙම කුෂ් මත්ද්‍රව්‍ය පැකට් වශයෙන් සකස් කර තිබු අතර, ගුවන් තොටුපල පරීක්ෂා කිරීමේදි මගහැර යාමට තැත්කළ අවස්ථාවේදි කාබන් කොළ වලින් ආවරණය කර සඟවා ගෙන තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් දැක සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ආනයනය කිරීම, සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මෙම ඉන්දීය විදෙස් ජාතිකයන් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.