කුසගින්නට වෙඩි

ගාසා තීරයේ ආධාර ලබා ගැනීම සඳහා පෙළ ගැසී සිටි ජනතාව වෙත එල්ල වූ ප්‍රහාරයකින් 67 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර රැගත් ලොරි රථ පැමි‍ණෙන තෙක් බලා සිටි පිරිස බවයි වාර්තා වන්නේ.

ගාසා තීරයේ පවතින දැඩි ආහාර අර්බුදය හේතුවෙන්, අති විශාල පිරිසක් ආධාර ලොරි පැමිණෙන තෙක් මග දෙපස රැඳී සිටිනවා.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ, එම අවස්ථාවේ බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ ඊශ්‍රායල දේශසීමාව පසු කළ අවස්ථාවේ, ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ, එසේ රැඳී සිටි පිරිස් ඉවත් කිරීම සඳහා අනතුරු ඇඟවීමේ වෙඩි තැබූ බවයි.

ගාසා තීරයේ සාගින්න හේතුවෙන් ඉකුත් පැය 24 තුළ පමණක් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.