කොටහේන ඝාතනයට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි

කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025.11.07 වන දින කොටහේන,16 වන පටුමග ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව, 2025.11.10 වන දින මෙම ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස වුරුදු 29 ක් වන මානිප්පායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු හට රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.