කොලොම්බියාවේ සිදුවූ දරුණු හමුදා ගුවන් යානා අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වන විට 66 දක්වා ඉහළ ගොස් ඇති අතර, මියගිය පිරිස අතර හමුදා සොල්දාදුවන් 58ක්, ගුවන් හමුදා නිලධාරීන් 6ක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ආරක්ෂක අංශ සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 125 දෙනෙකු රැගත් සී-130 හර්කියුලිස් යානය ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටී ඇති අතර, තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් මරණ සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.
