කොහුවල බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකල වෙඩි තැබීමකින් වයස අවුරුදු 16 ක තරුණියකට තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය හා මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකාය විමර්ශන ආරම්භ කර තිබුණා.
මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාවට සැකකරුවන් තිදෙනෙකු මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින දෙමටගොඩ හා වැල්ලම්පිටිය පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 27, 32 හා 35 වයසේ පසුවන කොළඹ 09 හා කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන්.
කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
