රුපියල් කෝටි 40 ක පමණ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු, පනස්දෙහැවිරිදි කැනඩා ජාතිකයෙක්.
වැටලීම සිදුකළ ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් පවසන්නේ, සැකකරු කටුනායක ගුවන්තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ඔස‍්සේ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යාමට උත්සාහ කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බවයි.
ඔහුගේ ගමන් මල්ල පරික්ෂා කිරීමේ දී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12කට අධික ප්‍රමාණයක් සහ කොකේන් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. සැකකරු පිළිබඳ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
