කෝපායි මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 6ක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025.11.30 වන දින කෝපායි පොලිස් ස්ථානයට වාර්තා වූ පිහිවලින් කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව, ඊයේ (01) දින මෙම අපරාධය සිදු කළ සැකකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් 05 දෙනෙකු, අපරාධය සිදු කිරීමට යොදා ගත් වෑන් රථයක්, යතුරුපැදියක් හා ජංගම දුරකථන 03 ක් සමඟ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන කෝපායි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 23 ත් 32 ත් අතර වයස්වල පසුවන යාපනය, කන්කසන්තුරය, කියිට්ස් හා තෙලිප්පලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.