මධ්‍යම ගාසා තීරයේ ආධාර ට්‍රක් රථ 4 ක් අවතැන් වූවන් මතට පෙරලීමෙන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි හමාස් සිවිල් ආරක්ෂක ඒජන්සිය ප්‍රකාශ කරන්නේ.
ගාසා තීරයේ ඩෙයර් අල්බාලා හි ගිනිකොණ දෙසින් පිහිටි මාර්ගයක ආහාර රැගෙන යමින් සිටි ට්‍රක් රථ දෙසට දිව ආ ආධාර පෝලිමෙහි රැදී සිටි අවතැන් වු පිරිසක් මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.
එම පිරිස ගමන් කරමින් සිටි ට්‍රක් රථ මතට නැගීම හේතුවෙන් රියදුරන්ට පාලනය අහිමි වු බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
ආහාර බෙදාහැරීම සඳහා යොදා ඇති පෞද්ගලික ප්‍රවාහන සංගමය ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස ට්‍රක් රථ 26 ක් ඊයේ එම භූමියට ඇතුළු වු බවයි.
ඉන් ට්‍රක් රථ 4 ක් මෙලෙස පෙරලී ඇති අතර, ට්‍රක් රථ 6 ක් කොල්ලකෑමට ලක්ව තිබෙනවා.
හමාස් සංවිධානය ප්‍රකාශ කරන්නේ අවතැන් සිවිල් වැසියන් සති ගනණාවක් මාර්ගවල මූලික සැපයුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රැදී සිටින බවයි.
ළදරු ආහාර, පළතුරු, එළවළු, සනීපාරක්ෂක නිෂ්පාදන සැපයුමට ක්‍රියා කරන බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.
