කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදි අද අළුයම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පිරිසක් තුවාල ලැබු අතර අනතුර සිදුව තිබුණේ අලුයම 4.30ට පමණ.
මෙම අනපේක්ෂිත අනතුරට ලක්ව තිබුණේ, කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය කෙරෙමින් තිබු ලංගම බස්රථයක්. එහි මගීන් 75 දෙනෙකු පමණ සිටි බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් කොත්මලේ ප්‍රදේශී රෝහලට,නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට සහ ගම්පොල හා නාවලපිටිය මූලික රෝහල් වෙතත් ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
පොලිසිය පවසන්නේ ඉන් කිහිප දෙනෙකුගේ තත්වයද බරපතල බවයි. ධාවනය වෙමන් තිබු බස් රථය හදිසියේ ඇති වූ කාර්මිකදෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි සැකකර බව පරීක්ෂණ පවත්වන කොත්මලේ පොලිසිය ප්‍රකාශ කළා.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා සහ ප්‍රාදේශීය ඉංජිනේරුවරයා ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණයට පැමිණ සිටියා.
