2026 නිව් තායිපේ විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ ජිත්මා විජේතුංග සමත් වුණා.
දින දෙකක් තායිවානයේ නිව් තායිපේහිදී පැවති තරගාවලිය ඊයේ අවසන් වුණා.
තරගාවලියේ මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයේදී ජිත්මා විජේතුංග තත්පර 53 යි දශම 1 යි 6 කින් තරගය අවසන් කරමින් රිදී පදක්කම දිනා ගත්තා.
එහි රන් පදක්කම දින් ගත්තේ, තත්පර 52 යි දශම 7 යි 3 කින් තරගය අවසන් කළ මැලේසියානු ක්‍රීඩිකා ෂෙරීන් සැම්සන්.
ලෝකඩ පදක්කම තත්පර 53 යි දශම 8 යි 6 ක කාලයකින් තරග නිමා කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා සොෆියා ග්රෙගෝරෙවික් හිමි කර ගත්තා.
