ජෙරුසලමේ දැවැන්ත ලැව් ගින්නක්

ඊශ්‍රායලයේ ජෙරුසලම ආසන්නයේ ලැව් ගිනි තත්වයක් හට ගෙන තිබෙනවා. එම නිසා ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

ලැව් ගිනි හේතුවෙන් නගරයට තර්ජනයක් විය හැකි බවට, ඊශ්‍රායල අගමැති බෙංජමින් නෙතන්යාහු ඊයේ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ලැව් ගිනි තත්වය රටටම අනතුරක් බවයි, ඔහු පෙන්නා දෙන්නේ.

එම ප්‍රදේශයේ අධිවේගි මාර්ගයකට ලැව් ගිනි පැතිරීම හේතුවෙන් එහි ධාවනය වූ වාහන අතහැර රියදුරන් පලා යමින් සිටින බවයි, වාර්තා වන්නේ.

ලැව් ගින්නෙන් පැතිර යන දුමාරය හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වීම නිසා බොහෝ මාර්ග වසා දමා තිබෙනවා.

පවතින දැඩි උණුසුම් කාලගුණය සහ සුළං ගින්න මැඩ පැවැත්වීමට බාධා එල්ල කර ඇති බවටයි, බලධාරින් ප්‍රකාශ කරන්නේ.