ට්‍රම්ප්, සෙ‍ලෙන්ස්කි හමුව අද

යුක්‍රේන ජනාධිපති ව්ලොදමීර් සෙ‍ලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම හමුව සඳහා යුරෝපීය නායකයින් රැසක්ද සහභාගී වීමට නියමිත බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

හමුවේදි රුසියානු යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශ්වය අපේක්ෂා කරන අතර, මෙම හමුවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර්, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් ෆර්ස්, පින්ලන්ත ජනාධිපති අලෙක්සෙන්ඩර් සර්බි සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් යන යුරෝපීය නායකයින් සහභාගි වන බව නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම, නේටෝ මහ ලේකම් මාක්රූඩ්ස් සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලන් ද එම හමුවට එක්වන බවයි වාර්තා වන්නේ.

අද පැවැත්වෙන හමුවේදි පළමු සාකච්ඡා වටය සඳහා අමෙරිකානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් මෙන්ම ඔවුන්ගේ නියෝජිතයින් සමග සාමූහික සැසියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එහිදි යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ එම ක්‍රියාවලිය සඳහා අමෙරිකාවේ දායකත්වය ලබාදෙන ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ඇති.