තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්ත්මෙන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා හලාවත සිට පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.