ඊයේ (19) දින මධ්යම තැපැල් හුවමාරුවේදී සිදුකරන ලද විශේෂ පරීක්ෂාවකදී මත්ද්රව්ය අන්තර්ගත බවට සැකකෙරෙන පාර්සල් 16ක් විවෘත කර තිබෙනවා.
එම පාර්සල් පරීක්ෂා කිරීමේදී ඉන් පාර්සල් 8ක මත්ද්රව්ය අඩංගු වී ඇති බවට තහවුරු විය.
මීට අමතරව, විදේශීය අධිවේගී තැපැල් අංශය මගින් ආනයනය කරන ලද සැකකටයුතු පාර්සල් 4ක් ද විවෘත කර පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් පාර්සල් 3කම මත්ද්රව්ය අඩංගු වී තිබූ බව වාර්තා වනවා.
මේ පිළිබඳ ඉදිරි විමර්ශන අදාළ ආරක්ෂක අංශ එක්ව සිදුකරනු ලබනවා.
