ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි 20-20 ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, අනුව තවත් තරගයක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබියදීම, තරගාවලියේ ජය ද එංගලන්ත කණ්ඩායම හිමි කර ගත්තා.
තරගය පැවැත්වුණේ, පල්ලේකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
කාසියේ වාසිය හිමි කර ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව, ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 189 ක් රැස් කිරීමට සමත් වුණා.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ පවන් රත්නායක පන්දු 22 කදී ලකුණු 40 ක් රැස් කළා.
පන්දු යැවීමේදී ජොෆ්රා ආචර් කඩුලු 2 ක් බිඳ හෙලුවා.
ඒ අනුව, තරගය ජය ගැනීම සඳහා එංගලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 190 ක්.
එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 57 ක් රැස් කර ගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුව, ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජය ගැනීම සඳහා එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 17 කදී ලකුණු 168 ක ඉලක්කයක් හිමි වුණා.
ඔවුන් පන්දුවාර 16 යි පන්දු 4 කදී ලකුණු 173 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.
ටොම් බෙන්ටන් නොදැවී ලකුණු 54 ක් රැස් කළා.
ජොෂ් බට්ලර් ලකුණු 39 යි.
පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු 2 ක් දවා ගත්තා.
තරගාවලියේ අවසන් තරගය හෙට පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතයි.
