මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025.12.06 වන දින දෙහිවල පොලිස් වසමේ වනරතන පාර ප්‍රදේශයේ ක්‍රිඩා පිටියක් අසලදී පුද්ගලයෙකු ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකු තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධ සම්බන්ධයෙන් දෙහිවල පොලිස් ස්ථානය හා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.
බොරලැස්ගමුව පොලිස් වසමේදී ඊයේ (17) දින සවස් කාලයේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඉහත අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියා කල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 52 ක් වන කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම අපරාධය සිදුකිරීමට සැකකරු විසින් මෙරට නිෂ්පාදිත බෝර 16 වර්ගයේ ගිනි අවියක් හා අපරාධය සිදුකිරීමට පැමිණි අනෙක් සැකකරු විසින් වෙඩි තැබීමට උපයෝගී කර ගන්නා ලද රිවෝල්වර අවියක්, හිස් පතොරම් කොපු හතරක් බෙල්ලන්විල ප්‍රදේශයේ ගසක් යට සඟවා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
තවද, දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මෙම අපරාධය සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සැකකරු අද ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
