දේපළ කොල්ලකෑ සැකකරුවෙකුට මාංචු

දේපළ සොරකම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු ඊයේ (23) දින මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සොරකම් කරන ලද යතුරු පැදියක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් සමඟ සැකකරුවෙකු මහරගම, ගොඩිගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 26 ක් වන ගොඩිගමුව, මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී එම යතුරුපැදිය හෝමාගම පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරු පැදියක් බවට අනාවරණය වී ඇති අතර කොට්ටාව, කැස්බෑව සහ මහරගම පොලිස් වසම්වලදි සැකකරු විසින් සිදුකර ඇති ගෙවල් බිදුම් හා දේපල සොරකම් රැසක් අනාවරණය වී ඇත.

සොරකම් කරන ලද රූපවාහිනියක්, කැමරාවක්, ජංගම දුරකථන 05 ක් ඇතුළු දේපළ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.