රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින්.
ඊයේ රාත්‍රී ඩුබායි සිට මෙරටට පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා සතුව තිබී දුම්වැටි 69,000කට අධික ප්‍රමාණයක් අඩංගු කාටූන් 347 ක් අත්අඩංගුවට ගැණුනා.
ඔවුන්ගෙන් එක් අයෙකු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර, අනෙක් පුද්ගලයා 23 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක්.
වැඩිදුර විමර්ශන සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.