නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස්පතිතුමා වෙත ලැබී තිබූ තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනා ක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40ත් 64ත් අතර වයස්වල පසු වන රත්මලාන, පන්නිපිටිය, ගල්නෑව, හෝකන්දර හා කොළඹ 04 ප්‍රදේශවල පදිංචිකරුවන්.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
