නීති විරෝධී මත්පැන් වැටලීමක්

නීති විරෝධි මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාලබේ, තලාහේන ප්‍රදේශයේදී ඊයේ (10) දින උදෑසන මාළබේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණා.

එහිදී නීති විරෝධි මත්පැන් ලීටර් 86 ක් (බෝතල් 115) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 61 ක් වන තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාළබේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.