හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට උත්සාහ කරන අමෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කළහොත් ඉරානය මිහිතලයෙන් අතුගා දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.
ෆොක්ස් නිව්ස් නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ අමෙරිකානු නාවික හමුදාව සිදුකරන මෙහෙයුම ලොව මෙතෙක් සිදුකළ විශිෂ්ටතම යුදමය උපාය මාර්ගයක් බවයි.
