වාලච්චේන, වාහනේරි ප්රදේශයේදී ඊයේ (15) දින උදෑසන පොරවකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.
වාලච්චේන පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු හා බිරිඳ අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මරණකරු බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කිරීමේදී, බිරිඳ විසින් පොරවකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මරණකරු වයස අවුරුදු 46ක් වූවාලච්චේන වාහනේරි ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
වයස අවුරුදු 42 ක් වන සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චෙන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
