ප්රංශයේ පැරිස් ඇතුළු ප්රධාන නගර කිහිපයකට රාත්රී ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
පැරිස් නුවර ජනාකීර්ණ ප්රදේශ කිහිපයකට මෙම සීමාවන් පනවා ඇති අතර අවසරයකින් තොරව රැස්වීම් පැවැත්වීම ද තහනම් කර ඇති බව සඳහන්.
විරෝධතා සහ ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් එරට පුද්ගලයන් දෙදහස් පන්සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල්වල පහසුකම් ඉල්ලා ආරම්භ වූ මෙම විරෝධතා පසුව ඉන්ධන මිල ඉහළ යාම, ජීවන වියදම සහ පොදු සේවා පිරිහීමට එරෙහිව රට පුරාම ව්යාප්ත වුණා.
ගැටුම්වලදී පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ගිනි තැබීම් සහ දේපළ හානි කිරීම නිසා සිදුව ඇති අලාභය යුරෝ මිලියන ගණනක් බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
ගැටුම්කාරී තත්ත්වය පාලනයට අභ්යන්තර කටයුතු අමාත්යවරයා අසමත් වූ බවට චෝදනා එල්ල වුවද ජනාධිපති එමානුවෙල් මැක්රොන් ඔහුගේ ඉල්ලා අස්වීම ප්රතික්ෂේප කර තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ පළාත් පාලන ආයතනවලට අවශ්ය පරිදි ඇඳිරි නීතිය පැනවීමට බලතල ලබා දී ඇති බව සඳහන්.
රට තුළ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කිරීමට ද ඉඩකඩ පවතින බවයි ප්රංශ අගමැති සෙබස්තියන් ලෙකොර්නු ප්රකාශ කර ඇත්තේ.
