පාඨලීග‍ේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අධි චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

මෙම පෙත්සම අද ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවකට අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව අදාල පෙත්සම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.