14 වන ලියෝ පාප්වහන්සේ සිව්දින නිල සංචාරයක් සඳහා අද ප්‍රංශයට පැමිණීමට නියමිතව තිබෙනවා.
පාප්වහන්සේ පැරිස් නුවරට අමතරව ලූර්දු ශුද්ධ භූමිය සහ මෙට්ස් නගරයේද සංචාරය කිරීමට නියමිතවයි.
මෙම සංචාරය අතරතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ දේශපාලනික කරුණු සහ කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද නියමිත බව වාර්තා වෙනවා.
පාප්වහන්සේගේ ප්‍රංශ සංචාරය ආරම්භ වන්නේ පැරිස් නුවර පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකින්.
ලෝක ප්‍රකට චැම්ප්ස්-එලිසේ වීදිය ආශ්‍රිතව පැවැත්වෙන මෙම සැමරුම වෙනුවෙන් විශේෂ පීඨිකාවක්ද ඉදිකර තිබෙනවා.
සංවිධායකයින් පවසන්නේ මෙම අවස්ථාවට ලක්ෂ පහකට අධික බැතිමතුන් පිරිසක් එක්වීමට නියමිත බවයි.
