මීට දින කිහිපයකට ඉහතදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාදව ප්‍රසාද් නොහොත් මදුවා නැමැත්තා පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ නැවතත් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.
එම සැකකරු සමග ජෙලග් නයිට් කූරු 3 ක් ඩෙටනේටර් 5ක් හා ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 3 ගෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරු ඉකුත් අගෝස්තු මස 25 වෙනි දින කහතුඩුව මවුන්ට් ක්ලිෆඩ් සංකීර්ණයේදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔහු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.
මොහු පදිංචි තවත් නිවසක් වන පිටිපනගලහේන ප්‍රදේශයේ නිවස පිටුපස පුපුරන ද්‍රව්‍ය තොගයක් වල දමා ඇති බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ මහතාට ලද රහසිගත තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු පුපුරන ද්‍රව්‍ය තොගය සමඟ කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කහතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
