හැටන් පැති වීදිය හරහා එකම දිසාවට ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් මැදින් අපරික්ෂාකාරීව එම දිසාවටම ධාවනය කළ ත්‍රී රෝද රථයක් බස් රථ දෙකේම ගැටි අද (12) දින පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
හැටන් සිට ඔස්බොන් දක්වා ධාවනය වු ත්‍රීරෝද රථයක් අපරික්ෂාකාරි ලෙස එම දිසාවටම ධාවනය වු බස් රථ දෙකක් මැදින් ධාවනය කිරීමට ගත් උත්සහය නිසා බස් රථ දෙකට මැදිවීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරට සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
බස් රථ දෙකේ සහ ත්‍රීරෝද රථයේ රියදුරුන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවයි හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කියා සිටියේ.
