බොරලැස්ගමුව ව‍ෙඩිතැබීමේ සිද්ධියට අයෙක් අල්ලයි

බොරලැස්ගමුව ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය (24) වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊයේ (10) දින උදෑසන කාලයේ එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිවල පොලිස් වසමේ අත්තිඩිය ප්‍රදේශයේදී මෙම අපරාධය සිදු කිරීම සඳහා පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 22 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.