මනුෂ්‍යත්වයේ මධ්‍යස්ථානයකට ඊශ්‍රාලයෙන් පහර දෙයි

දකුණු ගාසා තීරයේ මානුෂීය ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ආසන්නයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින්, 24 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව කියා සිටියේ, එහි රැස්ව සිටි හඳුනා නොගත් පිරිසක් විසුරුවා හැරීමට ක්‍රියාකළ බවයි.

දකුණු ගාසා තීරයේ ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසල, ආහාර ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් රැස්ව සිටි පිරිසකට ඊශ්‍රායල හමුදාව වෙඩි තැබී බව ගාසා සෞඛ්‍ය අංශ පවසනවා.

එහෙත් ඊශ්‍රායල හමුදාව කියා සිටියේ, සිවිල් වැසියන් බවට හඳුනා නොගත් පිරිසක් ද එහි රැස්ව සිටි බවයි.

ඔවුන් විසුරුවා හැරීම සඳහා අනතුරු ඇඟවීමක් ලෙස මෙම වෙඩි ප්‍රහාරය සිදුකළ බව එම හමුදාව සඳහන් කළා.

මේ අතර පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය පවසන්නේ, ගාසා තීරයේ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව දෛනිකව ඉහළ යමින් පවතින බවයි.

එබැවින් ගාසා තීරය වෙත මානුෂීය ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ ඉහළ නැංවීමේ අවශ්‍යතාව එම ආයතනය අවධාරණය කර සිටිනවා.