මා ඔයේ දිය නෑමට ගිය අයෙකු ජීවිතක්ෂයට, තවත් අයෙකු අතුරුදන්

මීරිගම පොලිස් වසමේ මදුරුපිටිය ප්‍රදේශයේ මාඔයේ ඊයේ (15) දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී එක් අයෙකු අතුරුදහන් වී ඇති අතර, අනෙක් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවට මීරිගම පොලිස් ස්ථානයට ලබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

පසුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් අයෙකු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 19ක් වූ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදහන් වූ අය සෙවීම සඳහා මීරිගම පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් දියත් කර