මැලේසියාව හමුවේ දැල්පන්දු ශූරියන්ට සුපිරි ජයක්

ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ඊයේ පැවති තරගයෙන් ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

14 වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලිය ලබන 15 වැනි දින දක්වා හොංකොං හිදී පැවැත්වෙනවා.

ශූරතා කුසලාන සහ පළඟ කුසලාන වෙනුවෙන් තරගාවලිය, සංවිධාන කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එහි ශූරතා කුසලානයට තරග වදින අතර, එහි තෙවැනි තරගය ලෙසයි, මැලේසියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ.

එම තරගය ලකුණු 66 ට 52 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය හොංකොං කණ්ඩායම සමග පැවති අතර, එය ලකුණු 57 ට 57 ක් ලෙස නිමාවූයේ ජය පරාජයෙන් ‍තොරවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවැනි තරගයේදී ප්‍රතිවාදී සිංගප්පූරු කණ්ඩායම ලකුණු 62 ට 51 ක් ලෙස එහි ජය හිමිකර ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද ඉන්දීය කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.