මෑතකදී කල දැවන්ත ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කළා

ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කරමින් විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් අලුතෙන් පිහිටුවන ලද ආයතන වල අධ්‍යක්ෂවරු හා ඉහළ නිළධාරීන් අමතමින්ද නව ආයතන සේවකයන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින්ද අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා ඉහත අදහස් පළ කළේය.

තව දුරටත් දැක්වූ අමාත්‍යවරයා, කලින් රජය ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 12කට කඩා පුද්ගලීකරණය කරන්නට ගත් උත්සාහ ආපසු හරවමින් සියයට සියයක්ම රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් පිහිටුවා අපේ රටේ විදුලිබල ක්ෂේත්‍රය වත්මන් හා අනාගත අභියෝග ජය ගැන්මට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් එම ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කරන්නට කටයුතු කළ බවද පැවසීය.

“වැඩ කරන ජනතාවගේ රජයක් හැටියට අපි ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ තවත් වැදගත් කාරණාවක් තිබුණා. ඒ තමයි සේවක ඔබගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලංවීම සේවකයන් හැටියට සේවක ඔබ භුක්ති විදි වරප්‍රසාද හා අයිතිවාසිකම් අබමල් රේණුවකින් ප්‍රමාණයකින් අඩු නොකර ඔබ සම්බන්ධ වෙන අලුත් ආයතනයෙදීත් ලැබෙන බවට අපි වගකියනවා. ඒ වගේම විදුලිබල මණ්ඩල සේවකයින් හැටියට ඔබට තිබුණු විවිධ දුක්ගැනවිලි පසුගිය කාලයේ ඔබ විවිධ විදිහට ඉල්ලා තිබුණු ඒ ඉටු නොවී තිබුණු ඉල්ලීම් සියල්ල වගේ ඉෂ්ඨ කරන්න අපි කටයුතු කළා. ඒ සමහර ඉල්ලීම් සේවක ඔබ හෝ ඔබ නියෝජනය කළ වෘත්තීය සමිති ඉල්ලන්නත් කලින් ඉෂ්ඨකරන්න රජයක් හැටියට අපි කටයුතු කළේ. වැඩකරන ජනතාවගේ රජයක් හැටියට එය අපගේ වගකීමක් බව විශ්වාස කළ නිසයි.“

තවද විදුලිබල ක්ෂේත්‍රයේ නියෝජනය කරන වෘත්තීය සමිති විටින්විට හමුවී සාකච්ඡා කරමින් ඔවුන්ගේ හඩටත් ඇහුම්කන් දෙමින් කටයුතු කළ බවද අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කළේය. එමෙන්ම අපේ රටේ විදුලි ක්ෂේත්‍රයේ දියුණුව සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත පියවරක් තබන මේ මොහොතේ නව ආයතන තුළ ලැබෙන අවස්ථා උපරිම අයුරින් ප්‍රයෝජනයට ගනිමින් මෙය ජාතික කර්තව්‍යයක් ලෙස සලකා කටයුතු කරන්නැයි ආරාධනා කරන අතරම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට දායකවුණු සියලුදෙනාටම ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.