ඊයේ (12) දින සවස මිද්දෙණිය පොලිස් වසමේ උලහිටියාව ප්රදේශයේ නිවසක සිටි කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබෙනවා.
මිද්දෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව මිද්දෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 57ක් වූ උලහිටියාව ප්රදේශයේ පදිංචිකාරියෙකි.
වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැකකරන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
