‘මෙලීසා’නිසා ‘බ්ලැක් රිවර්’ නගරය දැඩි දුෂ්කරතාවකට

‘මෙලීසා’ සුළි කුණාටුවෙන් පසු ජැමෙයිකාවේ ‘බ්ලැක් රිවර්’ නගරයේ ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණපා සිටින බව, විදෙස් මාධ්‍යය වාර්තා සඳහන් කරනවා.

5 වන කාණ්ඩයේ ප්‍රබල “මෙලීසා” සුළි කුණාටුවෙන් පසු එම ජනතාවට ආහාර, ජලය හා වාසස්ථාන සපයා ගැනීම අතිශය දුෂ්කර වී ඇති බවයි, වාර්තා වන්නේ.

ප්‍රාදේශීය ජනතාව පවසන්නේ උදව් තවමත් නොලැබීම නිසා විනාශ වූ ගොඩනැගිලි අතරින් ආහාර හා අවශ්‍ය මූලික ද්‍රවය සොයමින් සිටින බවයි.

පාරවල් තවමත් අවහිර වී ඇති අතර විදුලිය හා ජල සැපයුම ඇණහිටීමත්, දුරකථන සේවා අඩාල වීමත් සිදු වී ඇති බවද වාර්තා වේ.

බ්ලැක් රිවර් නගරයේ නිවාසවලින් 90% ක් පමණ විනාශ වී ඇති බවත් රෝහල, පොලිස් ස්ථාන හා ගිනි නිවීමේ අංශ ද විනාශ වී ඇති බවත් නිලධාරීන් සඳහන් කරයි.

නගරාධිපතිවරයා පවසන්නේ ජනතාවගේ දේපල ගෙනයාම අනුමත කළ නොහැකි ක්‍රියාවක් වුවද, පවතින තත්ත්වය තේරුම් ගත හැකි බවයි.

ජැමයිකානු රජය ප්‍රකාශ කර සිටින්නේ කුණාටුව මගින් අවතැන් වූවන් සදහා ආධාර සහ සහන සේවා කටයුතු කිංස්ටන් ප්‍රදේශයේ සිට ආරම්භ කර ඇති නමුත් බිද වැටුනු මාර්ග හා ජලයෙන් යටවුනු ප්‍රදේශ නිසා සහන සේවා ක්‍රියාත්මක වීම මන්දගාමී වී ඇති බවයි.

බ්ලැක් රිවර් සහ ඒ ආශ්‍රිත වෙස්ට්මෝර්ලන්ඩ් ප්‍රදේශ මෙලීසා කුනාටුව මගින් දැඩි ලෙස විනාශයට පත් වූ ප්‍රදේශ බවත්, ජනතාව ආහාර ඇතුලු මූලික පහසුකම් සදහා දැඩි අවශ්‍යතාවයකට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍යය වාර්තා කර තිබෙනවා.