ජැමෙයිකාවට බලපෑ මෙලීසා සුළි කුණාටුව මේ වන විට කියුබාව දෙසට ගමන් කරමින් පවතින බවයි, වාර්තා වන්නේ.
මෑත ඉතිහාසයේ දූපත් රාජ්‍යයකට කඩා වැඳුණු දරුණුතම සුළි කුණාටු අවස්ථාව ලෙසයි, මෙය වාර්තා වන්නේ.
“මෙලිසා” සුළි කුණාටුව ඊයේ සවස් කාලය වන විට ජැමෙයිකාවේ ප්‍රදේශ රැසකට බලපෑම් සිදු කළ අතර, පැයට කිලෝ මිටර 300කට ආසන්න වේගයකින් හමා ගිය බවයි, වාර්තා වන්නේ.
සුළි කුණාටුවේ බලපෑමෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්දි වී ඇති අතර, 15,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.
අමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ, සුළි කුණාටුව මොන්ටේගෝ බොක්ක හරහා දකුණු දෙසින් කිලෝ මිටර 62 ක් පමණ දුරින් පිහිටි නිව්හෝප්ස් නගරය ආසන්න ගොඩබිමට පැමිණි ඇති බවයි.
මේ වන විට එම සුළි කුණාටුව සිව් වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා දුර්වල වී තිබෙනවා.
සුළි කුණාටුවෙන් බලපෑමට ලක්විය හැකි කියුබානු රාජ්‍යය මේ වන විට අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අතර, රට පුරා හත් ලක්ෂ 35,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ඊයේ රාත්‍රියේ සිට ක්‍රියා කළ බවයි, වාර්තා වන්නේ.
