කිලිනොච්චිය, අරවියල් නගර් ප්රදේශයේදී ඊයේ (26) දින උදෑසන ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ කාර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් කාර් රථයේ ගමන් කළ දැරියක් එම ස්ථානයේදීම මියගොස් ඇත.
මරණකාරිය අවුරුදු 17 ක් වූ සෙල්වනගර් ප්රදේශයේ පදිංචිකාරියකි.
අනතුරින් කාර් රථයේ ගමන් කළ තවත් අවුරුදු 09 හා 16 වයසවල පසුවන ඉහත ලිපිනයේ පදිංචි තවත් දැරියක් හා දරුවෙකු ප්රථිකාර සඳහා කිලිනොච්චිය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔවුන් එකම පවුලේ සහෝදර සහෝදරියන් වේ.
මෙම අනතුරින් කාර් රථය පැදවූ පියාට සහ එහි ගමන් කළ මවට අනතුරක් සිදුව නොමැත.
කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
