මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා මාර්තු 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු ඊයේ කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

නීති විරෝධි ලෙස එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාර ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

අනතුරුව ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද සිදු කරනු ලැබුවා.

ඒ අනුවයි පසුගියදා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

අනතුරුව සැකකරු ඊයේ කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පසුව මෙම මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පිලැස්ස වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති විජේනායක මහත්මිය විසින් නියෝග කරනු ලැබුවා.