යතුරු පැදි සේවා ස්ථානයක ගින්නක්

එප්පාවල ඇඳගල ප්‍රදේශයේ යතුරු පැදි සේවා ස්ථානයක් හා ඊට යාබදව පිහිටි නිවසක ඊයේ (22) රාත්‍රියේ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වෙන්නට ඇතැයි සැක පළ කරන්නේ.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක්ද සිදුව නැහැ. ඊයේ රාත්‍රී 7.30 ට පමණ මෙම ⁣ගින්න හට ගෙන තිබූ අතර ගින්න හට ගන්නා අවස්ථාවේ යතුරු පැදි සේවා සැපයුම් ස්ථානය වසා දමා තිබී ඇත. ඊට යාබද කඩකාමරයේ පිහිටි නිවසේ එහි හිමිකාරිය, සිය පුතු හා මව සමඟ නිවසේ මුළුතැන් ගෙයි රැදී සිට ඇති අතර එක්වරම නිවසේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඒ පිළිබඳ විපරම් කර බැලීමේදී නිවසේ එක් කොටසක් ගිණි ගන්නා ආකාරය දැක ඇත.

එප්පාවල පොලීසිය , ප්‍රදේශවාසීන් සහ අනුරාධපුර මහ නගර සභාවේ ගිණි නිවීම් ඒකකය එක්ව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.