අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.
පැයක පමණ කාලයක් අදාළ සාකච්ඡාව පවත්වා ඇති අතර එහිදී වර්තමානයේ ජාත්‍යන්තර යුද තත්ත්වය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් ය.
එහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එයට පිළිතුරු ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, යුක්රේන – රුසියානු යුද්ධයට දීර්ඝ කාලීන විසඳුමක් තමා බලාපොරොත්තු වන බවය.
කෙසේවෙතත් මෙම කතාබහ ඉතා ප්‍රායෝගික සංවාදයක් වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙහිදී ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමා යුක්රේන – රුසියානු යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවය.
මේ අතර ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් පූර්ණ සටන් විරාමයක් ඉල්ලා තිබේ.
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ සිටින හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර දියත් කරමින් සිටින අතර ගොඩබිමෙන්, මුහුදෙන් සහ ගුවනින් සිදුකරන ප්‍රහාර නතර කර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ලෙබනන් ජනාධිපතිවරයා ඉල්ලිමක් කර ඇත.
මේ වන විට ලෙබනනයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 486 දෙනෙකු මියගොස් තවත් 1,313 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඉරානය විසින් බහරේනයට එල්ල කළ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
බහරේනයේ අගනුවර ඉලක්ක කරගත් නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ එම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
