රට වෙනුවෙන් වගකීම ඉටු කරන්න දුනිත් ඩුබායි යයි

යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ තම පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී යළි ඩුබායි බලා පිටත්ව ගියා.

ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 වටයේ තරගවලට සහභාගි වීම සඳහායි.

දුනිත් වෙල්ලාලගේ පියා, සුරංග වෙල්ලාලගේ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වුණා. ඒ අනුව දුනිත් වෙල්ලාලගේ තරගාවලිය අතරතුර ඊයේ උදෑසන දිවයිනට පැමිණියා.

පානදුර පිහිටි ඔහුගේ නිවසට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් හා වත්මන් ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ පැමිණියා.

වීඩියෝ >>> https://www.youtube.com/watch?v=UpcoabpfBYM