තුර්කියේදී ඊයේ (22) රාත්‍රියේ පැවැත්වුණු ‘Miss Aura International 2026’ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිශය සුවිශේෂී සහ අභිමානවත් ජයග්‍රහණ වැලක් අත්කර දීමට වෛද්‍ය දෙවීනා නවීක්ෂි (Dr Deveena Naveekshi) සමත්ව තිබෙනවා.
ලංකාව නියෝජනය කරමින් ඇය මෙම තරගාවලි ඉතිහාසයේ පළමු වතාවට අවසන් තරගකාරිණියන් 20 දෙනා අතරට (Top 20) පැමිණීමට සමත් වුණා.
ලාංකේය සංස්කෘතික අභිමානය ලොව හමුවේ විදහා දක්වමින්, තරගයේ හොඳම ජාතික ඇඳුමට (Best National Costume) හිමි රූ කිරුළ දිනා ගැනීමටද ඇය සමත්ව තිබෙනවා.
ඇය මේ සඳහා සැරසී සිටියේ මෙරට ප්‍රකට නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක් වන NL Creations (Wedage Namal) විසින් “ගුරුළා” සංකල්පය ඇසුරින් නිර්මාණය කරන ලද අතිශය ආකර්ෂණීය සහ තේජාන්විත ඇඳුමකිනි.
මෙවැනි ජයග්‍රහණයක් ලංකාව මෙම තරගාවලියේදී ලැබූ පළමු අවස්ථාව මෙයයි.
මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන වෛද්‍ය දෙවීනා, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් බිහිවුණු දක්ෂ වෛද්‍යවරියකි.
