කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
කෑගල්ල සිට රත්නපුර දක්වා ධාවනය වූ ප්‍රද්ගලික බස් රථයක් හා වෙරගොඩ සිට කෑගල්ලට ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බස් රථ දෙකෙහි ගමන් කල මගීන් 21ක් පමණ තුවාල ලබා කෑගල්ල සහ වරකාපොල රෝහල් වෙත ඇතුලත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
