ඉන්දුනීසියාවේ “ලෙවොටෝබි ලකි ලකි” ගිනි කන්ද සක්‍රීය වීමත් සමග එරට ගුවන් ගමන් රැසක් නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.
බාලි සහ ජකර්තා ඇතුළු දේශීය ගමනාන්ත මෙන්ම, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, මැලේසියාව, නවසීලන්තය, සිංගප්පූරුව වැනි විදෙස් රටවලට ගුවන් ගමන් අවලංගු කළ බවයි, ඉන්දුනීසියානු රජය සඳහන් කරන්නේ.
මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම පියවර ගත් බවයි, ගුවන්තොටුපොළ බලධාරින් ප්‍රකාශ කර සිටින්නේ.
සිංගප්පූරුවේ “චන්ඩි” ගුවන්තොටුපොළ සඳහන් කරන්‍නේ, ඉන්දුනිසියාවේ බාලි වෙත ගුවන් ගමන් අවලංගු කළ බවයි.
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගිනි කන්ඳ අවට කලාපයට එරට ඉහළම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කළ අතර, සක්‍රීය වූ ගිනි කන්දේ සිට කිලෝ මීටර 11 කට වැඩි දුරක් ඝන අළු දුමාරය නිකුත් වෙමින් පවතින බවයි, වාර්තා වන්නේ.
ගිනි කන්ඳ අවට කිලෝ මීටර 7 කලාපයෙන් ආරක්ෂිතව ජනතාව ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.
ඉකුත් නොවැම්බර් මාසයේ “ලෙවොටෝබි ලකි ලකි” ගිනි කන්ඳ සක්‍රීය වීමෙන් පුද්ගලියන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දහසකට වැඩි පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ඒ දිනවල කටයුතු කෙරුණා.
