ලාදුරු රෝගය දරුවන් අතර පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව ලාදුරු මර්ධන ව්‍යාපාරය පෙන්වා දෙනවා.
ඉකුත් වසරේදී අලුතින් ලාදුරු රෝගීන් 1282 දෙදෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට දහයක් වයස අවුරුදු 15ට අඩු දරුවන් වීම විශේෂත්වයක්.
බැක්ටිරියා මගින් බෝවන ලාදුරු රෝගය ඇතිවීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බව වෛද්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මෙය මුළු සිරුරටම බලපෑම් එල්ල කළ හැකි රෝගයක් වන අතර කිවිසුම් හා කැස්ස ඇති වනවිට කෙළ බිදිති මගින් මෙම රෝගය ව්‍යාප්ත වනවා.
අදාළ බැක්ටිරියාව ශරිරයට ඇතුලු වූ පසු රෝග ලක්ෂණ මතුවීමට දීර්ඝ කාලයක් ගතවීම ලාදුරු රෝගයේ විශේෂ ලක්ෂණයක්.
රෝගයට අදාළ බැක්ටිරියාව ශරීර උෂ්ණත්වයට වඩා ශීතල උෂ්ණත්වයක පවතින අතර එය සමේ වර්ධක ශෛලවට බලපෑම් සිදු කරනවා.
මේ හේතුවෙන් ශරීරයේ සමට සහ පර්යන්ත ස්නායු පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කිරීමට ලාදුරු රෝගයට හැකියි.
සම හිරි වැටීම, කැසීමක් ඇති නොවන නමුත් දීර්ඝ කාලීන පැල්ලම් ඇතිවීම සහ කන්පෙති, ස්නායු ඝනවීම මෙහි රෝග සංකුලතා අතරට ඇතුළත්.
1995 වසරේදී ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය සම්පූර්ණයෙන් තුරන් කෙරුණද මේ වනවිට රෝගය නැවතත් වර්ධනය වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාදුරු රෝගීන් වාර්තා වන අතර වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින්නේ, කොළඹ, කළුතර,ගම්පහ, මඩකලපුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින්.
ලෝක ලාදුරු දිනය ද අදට යෙදී තිබෙනවා. “අත්වැල් බැඳ ගනිමු ලාදුරු දුරලමු” තේමාව යටතේ ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි.
