පකිස්ථානයේ ක්වෙටා (Quetta) හිදී හමුදා නිලධාරීන් රැගත් දුම්රියක් ඉලක්ක කර ගනිමින් දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 50කට වැඩි පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම බෝම්බ පිපිරීමේ බලපෑම නිසා දුම්රිය මාර්ගයට යාබදව පිහිටි නිවාස සහ ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදු වී තිබෙනවා.
එමෙන්ම දුම්රිය මැදිරි කිහිපයක්ම පෙරළී ගොස් ගිනිබත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට ක්වෙටා නුවර රජයේ රෝහල්වල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, නිවාඩු ලබා සිටි වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලවලට වහාම සේවයට වාර්තා කරන ලෙස පකිස්ථාන රජය නියෝග කර තිබෙනවා.
