ඊශ්‍රායලය සහ කලාපයේ පවතින අමෙරිකානු කඳවුරු ඉලක්ක කර දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ප්‍රහාරවලින් ඊශ්‍රායල කාන්තාවක මියගොස් තවත් 121 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඉරානයේ මිනාබ් නගරයේ පිහිටි ප්‍රාථමික දැරියන්ගේ පාසලකට ඊයේ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 148 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 95 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ටෙල් අවීව් සහ ජෙරුසලම අවට ප්‍රදේශවලට මිසයිල පතිත වී ඇති අතර, ඊශ්‍රායල ආරක්ෂක පද්ධති මගින් මිසයිල වෙනතකට යොමු කිරීමේදි එම ප්‍රහාර බටහිර ඉවුරේ පලස්තීන ජනාවාස මතට වැටීම නිසා පලස්තීන වැසියන්ද අනතුරට පත්ව සිටින බව සඳහන්.
