වටරැක ප්‍රදේශයෙන් මාට්ටු වුණ යතුරුපැදි හොරු

යතුරුපැදි සොරකමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (03) දින මීගොඩ, වටරැක ප්‍රදේශයේදී යතුරුපැදියක් සමඟ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම යතුරුපැදිය කොටුව පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරුපැදියක් බවට අනාවරණය වී ඇත.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගන්නා ලද තොරතුරු අනුව වටරැක ප්‍රදේශයේදී සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම යතුරුපැදිය ද කොටුව පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරුපැදියක් බවට අනාවරණය වී ඇත.

සැකකරුවන් අවුරුදු 18 හා 21 වයස්වල පසුවන පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.