වැල්ලම්පිටිය වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකුට මාංචු

වැල්ලම්පිටිය වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025.08.25 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව මෙම අපරාධයට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මුල්ලේරියාව පොලිස් වසමේ දමා ගොස් තිබියදී මීට පෙර සොයාගන්නා ලද අතර, ඒ අනුව සිදු කරන ලද විමර්ශනයට අනුව ඉහත අපරාධය සඳහා වෙඩික්කරුවන්ට යතුරු පැදිය ලබාදුන් සැකකරු ඊයේ (31) දින දහවල් කාලයේ ගෝනපල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයවැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.