රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් අද අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇප මත මුදාහැරුණා.
ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
විමල් වීරවංශ මහතා සහ තවත් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවේ.
සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ ලබන අගෝස්තු 25 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
