ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව හරහා පියාසැරි අවසරක්

සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වු ශ්‍රී ලාංකික ජනතාව සඳහා මානුෂීය ආධාර රැගෙන යන පාකිස්තාන සහන ගුවන් යානා සඳහා තම ගුවන් අවකාශය හරහා පියාසර කිරීමට ඉන්දියාව පියාසැරි අවසරය ලබා දී තිබෙනවා.

දැනට පළුදු වී ඇති ඉන්දු පකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා මධ්‍යයේ මෙය ඉන්දියාව ලබා දුන් සුවිශේෂී තීරණයක් වනවා.

පාකිස්තානය ඊයේ ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලීම, ඉන්දියාව එදිනම අනුමත කර තිබෙනවා.

එම ක්‍රියාවලිය ආසන්න වශයෙන් පැය හතරක් වැනි කෙටි කාලයක් තුළ සිදුවීමද සුවිශේෂී හැරවුම් ලක්ෂයක් බව විදෙස් විත්ති විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ පෙහෙල්ගම් ප්‍රදේශයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ ඉන්දීය ත්‍රස්ත විරෝධී සින්දූර් මෙහෙයුම මත ඉන්දීය ගුවන් අවකාශය පාකිස්තාන ගුවන් යානා සදහා වසා දැමුණා.

නමුත් මෙරට ඇති වී තිබෙන ආපදා තත්වය හේතු කොට ගෙන මානුෂීය හේතූන් මත මෙම තීරණය ගත් බව ඉන්දියාව පවසනවා.

ගුවන් අවකාශය හරහා යෑමට කෙරුණු ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවට පාකිස්තානයේ පළවන ඇතැම් මාධ්‍ය වාර්තා සාවද්‍ය බවද ඔවුන් අවධාරණය කරනවා.